ඉස්ලාම් අන්තවාදයට මුදල් සැපයු අයෙකු අත්අඩංගුවට

March 15, 2021 at 9:27 AM

ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලබා දෙනු ලැබූ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මිට මාස කිහිපයකට පෙර පෑලියගොඩ පොලීසිය මගින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙනි.

එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සතු ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවයි.

ඔහුගේ ගිණුමට ලැබුණු මුදල්වලින් යම් කොටසක් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම් සංවිධානයකට බැරකර ඇති බවට ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම සැකකරුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.