2021විසර්ජන පනතට තවත් සංශෝධනයක් එක් කරමින් රජයේ ණය ගැනීමේ සීමාව යළි වතාවක් ඉහළ නැංවීමට පනත් කෙටුම්පතක්.

November 7, 2022 at 4:00 PM

විසර්ජන පනතට අනුව රජයේ ණය ගැනීමේ සීමාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ අරමුණින් විසර්ජන පනත්කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මීට පෙර 2021 විසර්ජන පනතට එක් කළ සංශෝධනයක් මගින් ඉහ්ළ නැංවූ රජයේ ණය සීමාව රුපියල් බිලියන 3844 සිට රුපියල් බිලියන 4507 ක් දක්වා සංශෝධනය කිරීමට නියමිත වේ.

 

ගත වන වර්ෂයේ ණය ගැනීමේ සීමාව ලෙස විසර්ජන පනතට අනුව  අනුමත වී තිබුණේ රුපියල් බිලියන 2796කි.

නමුත් විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතක් මගින් එම සීමාව රුපියල් බිලියන 3844ක් දක්වා ඉහළ දැමුණි.

ඒ මේ වසරේ සැප්තැම්බර් 09    දා ය.

කෙසේවෙතත් පසුගිය 4වැනිදා එම සංශෝධිත  පනතට තවත් සංශෝධනයක් පනත් කෙටුම්පතක් මගින්  ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 3844 සිට රුපියල් බිලියන 4507 ක් දක්වා බිලියන 663 කින් නැංවීමට අපේක්ෂා කෙරේ.