
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් අදියරට ළඟා වෙමින් පවතින පසුබිමක, වාර්ෂික පෙරහැර මංගල්‍යයට එක්වන 1,000කට අධික පාරම්පරික කලා ශිල්පීන් වෙනුවෙන්ම ක්‍රියාත්මක වන සෞඛ්‍ය සහ නිරෝගීකම සුරැකීමේ ප්‍රශංසනීය වැඩසටහනක් ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ සිට නිරීක්ෂණය විය.
“සමහන් ආරක්ෂාවේ පෙළහැර” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ලින්ක් නැචුරල් සමාගම සහ ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන්නකි.
දින 10ක් පුරා පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේදී පාරම්පරික නැට්ටුවන්, බෙර වාදකයින්, පන්දම්කරුවන් සහ අලි ඇතුන් බලාගන්නන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ, පූජනීය සංස්කෘතික උරුමය සුරක්ෂිත කරමින් පෙරහැර සමඟ වීථි සංචාරය කරන අතර, දැනට පවතින විවිධ කාළගුණික තත්ත්වයන් සහ පන්දම් ගිනි සිළු වල දැඩි රශ්මිය මධ්‍යයේ රැය පුරා දැඩි ශාරීරික වෙහෙසක් දරමින් ඔවුන් මෙම ඉසව්වට සිය ප්රසාංගික දායකත්වය ලබා දෙති.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ පෙරහැර පරිශ්‍රය ආශ්‍රිතව ස්ථාපිත විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන හරහා ශිල්පීන්ට සිය රංගනයන්ට පෙර සහ පසු උණුසුම් සමහන් පානය ලබා දීමට කටයුතු යොදා තිබූ අතර එනිසා ශිල්පීන් හට ලෙඩක් දුකකින් තොරව පෙරහැර රාජකාරි වල නිරත වීමට හැකි වූ බව දැකගත හැකි විය.
මීට අමතරව, මාලිගා පරිශ්‍රය තුළ ස්ථානගත වී සිටින ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවක කණ්ඩායම් විසින් ශිල්පීන්ට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශනය සහ මූලික ප්‍රථමාධාර සේවාවන් සැපයීමට කටයුතු කරන අතර ඔවුන්ගේ ශාරීරික විඩාව සහ මාංශ පේශී වේදනාවන් සම්පූර්ණයෙන්ම සුව කරගැනීමට සඳහා මසල්ගාඩ් (MuscleGuard) සහ ක්රෑම්ප් ගාඩ් (Cramp Guard) ආලේපන සත්කාරයන් ලබා දීමට ලින්ක් නැචුරල් සමාගම කටයුතු කර ඇත.
