හැලොවීන් ඛේදවාචකයෙන් මියගිය තරුණයා වෙනුවෙන් කොරියානු රජයෙන් ආධාරයක්

November 4, 2022 at 10:14 AM

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති Santhush Wonjin Jeong මහතා අතර හමුවකදී කොරියාවේ සෝල් හි ඉටේවොන් ප්‍රදේශයේ පැවැති හැලොවින් සැමරුමක් අතරතුර ඇති වූ තෙරපීමකින් මියගිය මහනුවර උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිනාත් මහතාගේ වියෝව සම්බන්ධයෙන්  තානාපතිවරයා කොරියානු රජයේ ශෝකය පළ කළේය.


මියගිය අයගේ පවුලේ අය වෙනුවෙන් සහ ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා මුල්‍ය ආධාර ලබාදීමට කොරියානු රජය තීරණය කර ඇතැයිද තානාපතිවරයා සඳහන් කළේය.


මියගිය අයගේ පවුලේ අය වෙනුවෙන් කොරියානු රජය දක්වන සැලකිල්ල පිළිබදව කතෘඥතාවය දැක්වූ අග්‍රාමාත්‍යවරයා සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සංවේගය එක්කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.