පාන් රාත්තලක මිල රු.300ක් දක්වා ඉහළ දැමේ

September 3, 2022 at 10:36 AM

අද දිනයේ සිට ග්‍රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක් රුපියල් 300ක මිලකට අලෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මිට පෙර පාන් රාත්තලක් අලෙවි කෙරුනේ රු.180 කටයි.

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.