ගංගා ද්‍රෝණි කීපයකට ගංවතුර අවදානමක්

August 30, 2022 at 5:23 PM

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අවදානමක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිකුත් කරන ලද  පුරෝකථන සහ ඒ සම්බන්ධ වූ අනෙකුත්  තොරතුරු  අනුව
අද රාත්‍රියේ  සිට ඉදිරි දින දෙකතුළ  දිවයිනේ  සමහර ප්‍රදේශවලට අධික වැසි තත්වයක් ඇතිවිය හැකිය.

මෙම තොරතුරු  විශ්ලේෂණය  මත

අත්තනගලු, කළු, කැළණි, ගං, නිල්වලා සහ මහවැලි ද්‍රෝණි වලින් එකකහෝ
කිහිපයක සමහර ප්‍රදේශවලට ගංවතුර  තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී.

විශේෂයෙන්  ඉහත සඳහන් කරන
ලද ද්‍රෝණි වල  ඉහළ ප්‍රදේශවල ගංඟා සහ අතු ගංඟාවල අධික ජල ගලනයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

ඒ අනුව
එම ද්‍රෝණි  වල පදිංචි ජනතාව , අද රාත්‍රියේ  සිට ඉදිරි දින කිහිපය තුළ  ඇතිවිය හැකි ගංවතුර  තත්ත්වය  කෙසේද යන්න පිලිබඳව
අවධානයෙන්  පසුවන ලෙසද , එවැනි තත්වයකින් ඇතිවිය හැකි අවධානම් සහගත තත්ත්වය ගැන විමසිලිමත් වන ලෙසත්

ගංඟා ද්‍රෝණි වල ඉහළ ප්‍රදේශ වලදී ගංඟා සහ අතු ගංඟා භාවිතදේදී (ඔරු පැදීම, දිය නෑම,
හරහා ගමන් කිරීම යනාදිය) විවිශේෂයෙන්  සැළකිළිමත්වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව  දන්වයි.