නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම හෙටයි

July 21, 2022 at 6:08 PM

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනයේ දී සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මෙම දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.