අත්පත් කරගත් ස්ථාන වලින් ඉවත් වෙනවා – අරගලකරුවන් කියයි

July 14, 2022 at 11:43 AM

ජනතාව විසින් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාල වලින් ඉවත් වෙමින් ඒවා නැවත භාරදීමට කටයුතු කරනු ලබන අරගලකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම සියලු ස්ථාන මහජනතාවගේ පොදු දේපල බවත් ඒවා ඒ අයුරින්ම නැවත භාරදීමට කටයුතු කරනු ලබන බවයි ගාලුමුවදොර පිහිටි අරගල භුමියේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අරගලකරුවන් ප්‍රකාශ කර සිටියේ.