ඔබ වෙනුවෙන් පෙනී සිටි අය ගැන අප හොද අවබෝධයෙන් : රංජන් සිරගතවී දින 100ක් ගතවෙන තැන ඥාතියෙකු තැබූ සටහන

April 21, 2021 at 10:28 AM

රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරගතවී අදට දින 100ක් ගතවනවා. මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වෙසෙන රංජන් රාමනායක සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතියෙකු විසින් තබා තිබෙන සටහනයි මේ,

” උඹේ හිර දඩුවමේ 100 වෙනි දවස,උඹ දවස් ගනිමින් ඇති එලියට එන්න,ගෙවපු කාලය ඉතා කෙටී, ගෙවිය යුතු කාලය තව බොහෝ දිගයි..චිත්‍රපටි වල වගේ හිරගේ කඩල උඹව එලියට ගන්න අපිට බැහැ මචන්,ජනාදිපති සමාවකින් තොරව උඹට එලියට එන්නත් බැහැ, ඒක තමා තිත්ත ඇත්ත..

උඹව කොහොම හරි ,කාගෙන් හරි සමාව ඉල්ලලා එලියට ගන්න කියල උඹට ඇත්තටම ආදරය කරන ජනතාව අපෙන් ඉල්ලද්දී ,තවත් සමහරු මට කියනව උඹට කියන්නලු එහෙම එලියට එන්න ඕනේ නැහැ මුන්ගෙන් සමාව ඉල්ලල ,අවුරුදු 4 ඉදල එද්දි උඹ එන්නේ වීරයෙක් වගේලු, ඒ උන් වීරයෝ දකින විදිය ,ඒ උඹට ආදරය කරන උන් නෙමේ බන්, පක්ශ වල වහල්ලු, උඹගෙන් දේශපාලනය කරන්න හදන උන්, උඹගේ මන්ත්‍රීධුරය නැතිකරල පැය 24 යන්න ඉස්සර පාන්දර දුවගන ඇවිල්ල ඒක ගත්තෙත් උඹට අවුරුදු 4 ඕකේ ඉන්න කියන උන්ගේ පක්ශෙම තමා…උන් වෙනුවෙන්ද උඹට ඕක ඇතුලේ ඉන්න කියන්නේ ? ඒ ගොන් වැඩ ආයේ කරන්න හිතන්නවත් එපා …උඹ වෙනුවෙන් වචනයකින් හරී පෙනී සිටිය අය ගැන හොද අවබෝදයකින් අපිත් ඉනේ..

උඹගේ පක්ශයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතා , හරීන් ප්‍රනාන්දු ඇතුලු ඉතාමත් සීමිත පිරිසක් පමනයි උඹ දෙනුවෙන් දැනෙන්න හඩක් නගන්නේ, ඔවුන්ට ස්තුතිය 🙏🙏පුද කරන ගමන්ම,උඹ වැඩියෙන්ම විවේචනය කරපු අය අද උඹ වෙනුවෙන් වචනයකින් හරි පෙනී සිටිනවා පමනක් නොව විව්ද අයුරින් මේ අමාරු අවස්තාවේ උඹ එක්ක අපේ සම්බන්දතාවය තියාගන්න අපට දුන් සහයෝගයටත් අපේ ප්‍රනාමය🙏🙏…

උඹ හැමදාම කිව්ව වගේ සුභවාදීව සිතමු, වෙන්න තියෙනදේ වලක්වන්න බැහැ කියල අපි දෙන්නම හැමදාම පිලිගත්ත දෙයක්,විජය මාමාට අත්වු ඉරනම නැතුව උබ ඔහොම ඉදල එලියට එන එක හොදයි කියල මම හිත හදාගන්නව මචන්…එලියට එද්දි වරෙන් විරුද්ද පක්ශය කරන හැම දේටම විරුද්දවන සාම්ප්‍රදායික දේශපාලකයෙක් නොවී, යක්කුන්ගෙන් උනත් රටට වැඩක් ගන්න පුලුවන්, සියලුන දෙනා එකතු කරගන ගමනක් යා හැකි ,රට වෙනුවෙන් වෛරී දේශපාලනය නොකරන ජනතාවගේ නායකයෙක් හැටියට

🙏🙏ලෝකය පිලිගත් සියලු නායකයෝ දේශාපාලනමය හේතූන් මත සිරගත වුවන් බවත් අමතක කරන්න එපා මචන්