කොවිඩ් මළ සිරුරූ භූමදානය කිරීමට අවසර දෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවත්, ලක් රජයට ඉල්ලීම් සිදුකළා – අධිකරණ ඇමති කියයි (VIDEO)

December 16, 2020 at 4:15 PM

කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරීමට ඉඩ දීමට මාලදිවයින ඉදිරිපත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි Hari TV යුටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී අදහස් ප්‍රකාශ කර සිටියා.

” කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සිදු නොකළ යුතු බවට එම මාර්ගෝපදේශ වල සඳහන් වන්නේ නැහැ.

ඉස්ලාම් ආගමට අනුව එම දහම අදහන පුද්ගලයෙකුගේ සිරුර ආදාහනය කිරීම සිදුනොකල යුතු බවයි ආගමේ දක්වා ඇත්තේ.

ඉස්ලාම් ආගමට අනුව මියයන පුද්ගලයෙකු ගේ සිරුරක් සම්බන්ධයෙන් මුලික කරුණු 04ක් සිදුකළ යුතුයි. පළමුව දේහය නෑවිය යුතුයි, පසුව එය සුදුරෙද්දකින් සම්පුර්ණයෙන් වැසෙන ලෙස ආවරණය කළ යුතුයි, තෙවනුව ආගම සිහිපත් කොට පසුව එය භූමදානය සිදුකිරීම කළ යුතුයි.

මුස්ලිම් ජාතිකයින් මෙහි එන පළමු කරුණු 03 අත්හැරීමට සුදානම්. නමුත් මුස්ලිම් ජාතිකයින් ඉල්ලා සිටින්නේ මියයන පුද්ගලයින්ගේ දේහයන් අවසානයේදී ආදාහනය කිරීමේ කටයුතු නොකට එය භූමදානය කිරීමටයි. කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ අවසාන කටයුතු සම්බන්ධයෙන් ජාතිවාදීව හෝ වෙනත් ආකාරයෙන් බැලීම සිදුනොකල යුතු බවයි මගේ අදහස.

මළ සිරුරූ බාහාලන පොලිතින් උර දෙකක මියගිය පුද්ගලයාගේ දේහය ඇතුලත් කොට, හොදින් විෂබීජ හරණය කිරීමෙන් පසුව අඩි 5-6ක් පොළොව යට වල දැමීමෙන් විෂබීජ ව්‍යාප්ත වීමක් සිදුවන්නේ කොහොමද යන්න ගැටලුව පැන නගිනවා.

ලෝකයේ සිටින ජේෂ්ඨ වසංගත රෝග විද්‍යාඥවරයෙක් තමයි මහාචර්ය මලික් පිරිස්. එතුමා තමයි සාර්ස් වෛරසය ගැන පළමුව හඳුනා ගත්තේ. ඒ මහාචාර්යවරයාම කියනවා කොවිඩ් වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ සිරුරක් භූමදානය කිරීමෙන් පරිසරයට වෛරසය මුදාහැරීමක් සිදුවන්නේ නැහැ කියලා. මේ සම්බන්ධයෙන් ලොවපුරා විශේෂඥයින් අදහස් පලකරලා තියෙනවා.

ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්න කියා එක්සත් ජාතින් ගේ සංවිධානය, ගෝලීය මුස්ලිම් සංසදය, ගල්ෆ් කලාපිය රටවල් 12ක තානාපතිවරුන් රජයෙන් ඉල්ලීම් සිදුකරලා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට ඉතා හොද තත්ත්වයක් නොවන බවයි පෙනී යන්නේ.

ඒ වගේම පවතින මෙම තත්ත්වය මත මුස්ලිම් සමාජයේ යම් යම් තරුණයින් වෙනත් අන්තයක් කරා ඇදී යයිද කියන ගැටළුව මට තියෙනවා. එය ඉතා භයානක තත්ත්වයක්. මුස්ලිම් දේශපාලඥයින්ට මෙවැනි සිදුවීමක් හෝ විසඳා ගන්න නොහැකි කියා ඔවුන් සිතන්න පෙළඹුනොත් ඔවුන් අනවශ්‍ය ලෙසට අන්තවාදී අදහස් වලට යොමු වුවහොත් එතැන ඇතිවන්නේ ගැටුමක්. මම ප්‍රර්ථනා කරනවා එහෙම නොවේවා කියා, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙරටදී මුහුණු වහන්න හෝ කළු ඇදුම් ඇදීම අවශ්‍ය නොවන බවට මම කියා සිටියා. එතකොට අත්පුඩි ගසපු මිනිස්සු දැන් මේ වැඩ කරන විදිහ ගැන ඇත්තේ ගැටලුවක්.

සම්පුර්ණ සාකච්ජාව පහතින් :