පාස්කු කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට පිළිගන්වයි

March 1, 2021 at 5:51 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර විසින් අද පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.