කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ දේශීය ඇගළුම් රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් පත් කෙරේ

March 1, 2021 at 2:40 PM

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතින් සිය පත්වීම් ලිපි භාර ගනු ලැබුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මිට පෙර කටයුතු කරනු ලැබුවේ විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරායි.