Pfizer එන්නත ගත් නෝර්වේ රාජ්‍යයේ වැඩිහිටි මරණ ඉහළ යාම ගැන සැකයක්.

January 17, 2021 at 10:05 AM

නෝර්වේ රාජ්‍ය යේ Pfizer එන්නත ලබාගත් වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයින් 29දෙනෙකු මියගොස් ඇතිබව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය පිලිබඳව Pfizer ආයතනයද සිය අවධානය යොමු කර ඇති අතර එම සමාගම පවසන්නේ මෙම තත්ත්වය අපේක්ෂා කළ තත්ත්වයක් බවයි.

මොවුන් සියලු දෙනාම මියගොස් ඇත්තේ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසුවයි.

“වෙනත් රටවලින් ද මෙබඳු තත්වයන් වාර්තා වන බවත් එම තොරතුරු ගැන අවධානය යොමු කරනබව “ත් නෝර්වේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.