මුහුණු ආවරණ පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කෝටි 04ක් වටිනා රන් හා මුදල් පැහැරගෙන යයි (VIDEO)

January 16, 2021 at 9:30 AM

මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ දහවල් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලයක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

ගම්පහ, මිරිස්වත්ත පාර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණ ඇති සැකකරුවන් ගිනිඅවි පෙන්වා එහි සිටි සේවකයින් බියගන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කර සිටින්නේ.

සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.