අගමැති මහින්දගේ නමින් රත්නපුරයට නව මැණික් කුලුනක්

January 16, 2021 at 12:27 AM

මෙරට මැණික් වෙළෙඳාම ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ජාත්‍යන්තර මැණික් කුලුනක් ස්ථාපනය කිරීමේ කටයුතු රත්නපුරයේදී ආරම්භ වුණා. ඒ අනුව එම මැණික් කුලුන සඳහා අද මුල්ගල් තැබුණා.

මෙරට මැණික් ව්‍යාපාරය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ’මහතාගේ සංකල්පයක් අනුවයි රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කුලුනක් ස්ථාපනය කිරීම සිදුවන්නේ.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන ලෙස නම් කර ඇති මහල් 19කින් යුත් මෙම කුලුන ජාත්‍යන්ත කෞතුකාගාරයක්ල මැණික් සායනාගාරයක්, මැණික් ව්‍යාපාරකයින් සඳහා වෙළෙඳ කුටි, හෝටල් සංකීර්ණයක්, ජාත්‍යන්තර බැංකු පද්ධතියක්, හෙලිකොප්ටර් අංගනයක් ඇතුළු අංග සම්පූර්ණ ජාත්‍යන්තර මැණික්
වෙළෙඳ මධ්‍යස්ථානයකින් සමන්විත වනු ඇති.

මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත රාජ්‍ය ආදායම ඩොලර් බිලියන 5ක්. මුල්ගල් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වුවා.