පෙරේදා PCR පරීක්ෂණයට මුහුණ දුන් මන්ත්‍රීවරුන් 15 දෙනාගේ වාර්තා එයි

January 15, 2021 at 11:36 AM

පසුගියදා බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

එදින පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ඇතුළු 448 දෙනෙකුගේද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, එහි ප්‍රතිඵලද අද දිනයේදී ලැබීමට නියමිතයි.

මේ අතර, අද දිනයේද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.

මෙම PCR පරීක්ෂණ සිදු කෙරුණේ රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොවිඩ් 19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසුවයි.