දුරකථන අංක ජාල අතර මාරු කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් TRC පාරිභෝගික අදහස් විමසයි

January 15, 2021 at 4:30 PM

තම දුරකථන අංක, ග්‍රාහකයන්ට ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇතිකිරීම (Number Portability) සඳහා විදුලි  සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය පියවරක් ලෙස ඊට අදාලව මහජන අදහස් විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඊට අදාල අදහස් විමසිමේ පත්‍රිකාවක් www.trc.gov.lk වෙබ් අඩවියේ පලකර ඇත .

ඒ  පිළිබඳව පාරිභෝගික ජනතාවගේ අදහස් 2021 පෙබරවාරි 12 දින හෝ ඊට පෙර විදුලි  සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් හෝ nw@trc.gov.lk යන විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන මෙන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

http://www.trc.gov.lk/2014-05-13-13-23-17/press-room/1007-public-consultation-paper-on-implementation-of-number-portability.html