ගාල්ල -කොළඹ බස් රථයකින් අයිස් කිලෝග්‍රෑම් 18ක් සොයා ගැනේ

January 15, 2021 at 8:15 AM

අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. ඒ කොස්ගොඩ ප්‍රදේශයේදී සිදුකෙරුණු විශේෂ වැටලීමකදී.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථය ධාවනය කළ 27 හැවිරිදි රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඉන්දියාවේ දී මියගිය බවට සඳහන් කරන අංගොඩ ලොක්කා නැමති අපරාධකරුගේ ගෝලයෙකු වන ලැටී නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.