ඊයේ යළිත් බස්නාහිරෙන් ආසාදිතයින් 454ක් .මීගමුව සහ දෙමටගොඩ අවදානම් වෙයි

January 14, 2021 at 7:35 AM

ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගෙන් 454දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත ඊයේ ආසාදිතයින් සමස්තය 692කි.

  • ඉන් කොළඹ 223ක්
    ගම්පහ 119 ක් හා
    කලුතර 112ක් වේ.

බස්නාහිර පළාතෙන් බැහැරව වැඩි ආසාදිතයින් ගණනක් මාතලේ දිස්ත්‍රික්කයේ වාර්තාවන අතර එය 34කි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ දෙමටගොඩ ප්‍රදේශයෙනි එය 30කි.

මීගමුවෙන් ද ආසාදිතයින් 32ක් වාර්තා වෙයි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ඉක්මවා ඇති අතර එය දැක්වෙන්නේ 50,231ක් ලෙසයි.