රංජන්ට හිරේ ඉන්න වෙන්නේ අවුරුදු 02යි මාස 08ක් – මව්බිම පුවත්පත කියයි

January 14, 2021 at 10:44 AM

අධිකරනයටා අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක සිර දඬුවම් නියම වූ රංජන් රාමණායක හට වසර 02ක් සහ මාස 08 ක කාලයක් සිර දඬුවම් විදීමෙන් පසු ඔහුගේ දඬුවම් කාලය අවසන් වන බව “මව්බිම” පුවත්පත අද වාර්තා කර සිටිනවා.

සිර දඬුවම් නියම වන තැනැත්තෙකු ගේ සිර දඬුවම් කාලය වසරකට මාස 08ක් ලෙස ගණනය කරන බවත් ඒ අනුව ඔහුට නියම වූ වසර 04 ක සිර දඬුවමින් මාස 16 ක කාලයක් අඩුවන බවයි බන්ධනාගාර අමාත්‍යාංශය උපුටා දක්වමින් මව්බිම පුවත්පත වාර්තා කර සිටින්නේ.

බන්ධනාගාර ගතව සිටින කාල සීමාවේදී යහපත් කල් ක්‍රියාවෙන් පසුවූ රැඳවියන්ට පමණක් මෙම අවස්ථාව හිමිවන බවයි බන්ධනාගාර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

VIDEO:

https://fb.watch/2-z9UqYZwS/