සේරුවිල රත්‍රං නිධිය ගැන පරිසර අමාත්‍යාංශය පළමුවරට කරුණු දක්වයි (VIDEO)

January 12, 2021 at 7:45 PM

ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් හමුවූ රත්‍රං නිධිය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.

එම නිධිය පිළිබඳ ව ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙසේ කරුණු පැහැදිලි කර සිටිනවා.

“ මෙම රත්‍රං නිධිය සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන මාධ්‍ය වාර්තා අතිශෝක්තියෙන් යුක්ත ඒවා. මේ සම්බන්ධයෙන් ඇමතිවරයා හෝ අමාත්‍යාංශය විසින් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අපි අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ජාවක් පැවැත්වුවා. ඒ සඳහා භූවිද්‍යා කාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ වූනා.

සේරුවිල ඔය කියන ප්‍රදේශය ගත්විට. ඔය කින ග්‍රිඩ් ගත්තාහම. ඒ ග්‍රිඩ්වලින් සියයට 95ක් අදාළ වන්නේ වනජීව කලාපය තුළට. පළමු පියවර ලෙස භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අපට ලබාදෙනවා මේ අපි කියන exploration කිරීම සඳහා ඒ ක්‍රමවේදය කුමක්ද කියලා. මෙය වනජීවි දෙපාර්මේන්තුවට සහ ඒ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම්දීමක් කරනවා. මෙය explore කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දෙන ලෙස. එහිදි ඇත්ත වශයෙන්ම අපි කියන පාරිසරික ඇගයීම. ඒ අනුව ඔය කියන ප්‍රදේශවල කැණීම් කරලා එවැනි තත්ත්වයකින් පසුව පමණයි මොන ප්‍රමාණයකට රත්‍රං තියෙනවාද? මොන ප්‍රමාණයකට පස් තියෙනවාද කියන එක දැන ගැනීමට හැකි වන්නේ.“