මන්ත්‍රී ගයන්ත ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ PCR වාර්තා නිකුත් වෙයි

January 11, 2021 at 11:36 AM

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයෙකු බවට මන්ත්‍රී ගයන්ත කරුණාරත්න හඳුනා ගෙන තිබුණා. ඒ පාර්ලිමේන්තුවේ CCTV පරික්ෂා කිරීමේදී.

ඒ අනුව මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊයේ දිනයේදී ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත්වී PCR පරීක්ෂණ සඳහා ලක් වී තිබු අතර එහිදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී සිටිනවා.