ඇමති වාසුදේවට කොරෝනා ආසාදනය වෙයි

January 11, 2021 at 10:08 AM

අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ මිට සුළු මොහොතකට ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බවයි.