ඇමති වාසුගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 10 දෙනෙක් හදුනා ගැනේ

January 11, 2021 at 6:19 PM

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමග සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනානාදු පවසනවා.

එම මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සහ අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී දින 04ම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.