ලබන වසරේ LPL තරගාවලියට ත්‍රිකුණාමලයෙන් කණ්ඩායමක්

December 16, 2020 at 9:51 PM

ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිත බව තරග සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂක රවින් වික්‍රමරත්න ප්‍රකාශ කර සිටිනවා.

” අප බලාපොරොත්තු වෙනවා ලබන වසරේ තරගාවලිය සම්බන්ධයෙන් වන වැඩකතයුතු ලබන ජනවාරි මාසය වන විට ආරම්භ කරන්න. තරගාවලිය ලබන වසරේ ජුලි 29 ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙන්නේ.

ලබන වසරේ තරගාවලියට කණ්ඩායම් 06ක් තරග කිරිමට සැලසුම් කරල තිබෙන්නේ. විශේෂයෙන් නැගෙනහිර පළාත නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කණ්ඩායමක් තරගාවලියට එක් කිරිමට සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම එක් කණ්ඩායමක් සඳහා අනිවාර්යෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුලත් කර ගැනීම අනිවාර්යකර තිබෙනවා.

ඒ වගේම ක්‍රිස් ගේල්, ඒබි ඩිවිලියර්ස් වැනි ක්‍රීඩකයින් ලබන වසරේ තරගාවලියට එක් කර ගැනීමට බලාපොරොත්තු වනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.