සුපිරි ඕවරයෙන් අවසන් වූ ආරම්භක LPL තරගය

November 27, 2020 at 8:57 AM

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් හිමි කර ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කරනු ලැබුවා. එහිදී, නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 52ක් තුලදී ලකුණු 87ක් රැස් කිරීමට සමත් විය.

අසීරු ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම ද ලකුණු 219ක් රැස් කරමින් සම ලකුණු සහිතව තරගය නිම කරනු ලැබුවා. එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 46කදී ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුවා.

ඒ අනුව, සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක වූ අතර එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කිංග්ස් කණ්ඩායම ලකුණු 16ක් රැස් කරනු ලැබුවා. ඊට පිළිතුරු වශයෙන් ටස්කර්ස් කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

ඒ අනුව, කලම්බු කිංග්ස් කණ්ඩායම සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර තරගයේ වීරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගනු ලැබුවා.