දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ යතුරුපැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීමට යයි

November 25, 2020 at 11:40 AM

දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අතර පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

2019 වසරේ යතුරුපැදි ආනයනය සදහා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 42ක් වැයකර ඇති අතර අමතර කොටස් සදහාත් විශාල වියදම් දරා තිබේ. යතුරුපැදි දේශියව එකලස් කිරීම සහ අවශ්‍ය උපාංග නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම තුළින් එම ආනයන වියදම ඉතිරි කරගත හැකි බවත් ඒ සදහා තමන්ට හැකියාව ඇති බවත් යතුරුපැදි එකළස් කරන්නන් සහ උපාංග නිෂ්පාදකයින් අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

උපාංග ආනයනය කිරීමට මාස 06ක කාලයකට අවසර ලබාදෙන ලෙස එකළස් කරන්නන් යෝජනා කලද යතුරුපැදි එකළස් කිරීම සහ උපාංග මෙරට තුලදී නිෂ්පාදනය කිරීම රජයේ ප්‍රතිපත්තිය සහ දිරිමත් කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඔවුන්ට අවශ්‍ය සියලු සහය ලබාදීමට මෙම සාකච්ජාවේදී අමාත්‍යවරයා පොරොන්දු විය.