මහේල LPL තරගාවලිය ගැන සිය ස්ථාවරය හෙළි කරයි

November 23, 2020 at 12:00 PM

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි- 20 ක්‍රිකට් තරගාවලියට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා හිටපු නායක මහේලා ජයවර්ධන සහාය ලබා දී ඇති අතර එය නිවැරදි දිශාන්තියක් සඳහා පියවර තැබීමක් බව ප්‍රකාශ කර සිටිනවා.

News Wire වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් මහේලා ජයවර්ධන කියා සිටියේ තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශාල වේදිකාවක ක්‍රීඩා කිරීමට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කදිම අවස්ථාවක් වනු ඇති බවයි.

තරඟාවලියෙන් ඉවත්ව යන ජනප්‍රිය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ගැන විමසූ විට මහේල ජයවර්ධන කියා සිටියේ වර්තමාන වසංගත තත්ත්වය සහ එහි ප්‍රථිපලයක් ලෙස ගමන් සීමාවන් පැනවීමත් සමඟ එය අපේක්ෂා කරන බවයි.

මේ වසරේ තරගාවලිය ආරම්භ වූ පසු ඉදිරි වසර කිහිපය තුළ එය ක්‍රමයෙන් දියුණු වනු ඇති බවයි මහේල ජයවර්ධන පැවසුවේ.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම සමඟ තවත් සාර්ථක IPL තරගාවලියක් අවසන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් මහේල ජයවර්ධන මේ වන විට නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටී.