ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් රුපියල් කෝටි 23ක මුදලකට හිමිකම් කියන ජයග්‍රාහකයෙක්

September 24, 2020 at 12:31 AM

ලොතරැයි ඉතිහාසය අලුත් කරමින් රුපියල් කෝටි 23ක සුවිශාල මුදලකට හිමිකම් කියන කෝටිපතියකු බිහි කිරීමට ජාතික ලොතරැයිමණ්ඩලය සමත් වී තිබේ.

රුපියල් 20 ක වටිනාකමකින් යුතු ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයියකට මෙම ජයග්‍රහනය හිමිව තිබේ.

රුපියල් කෝටි 23 ක මෙම සුවිශාල ජයග්‍රහනය, ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලදී ගත් මහනුවර ප්‍රදේශයේ වාසනාවන්තයෙකුට හිමිව තිබෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි