ප්ලාස්ටික් කැට , මැටි කැට කළ හැටි

September 19, 2020 at 10:38 AM

රාජ්‍ය බැංකුවක් ප්ලාස්ටික් කැට මිලට ගැනීමට කළ සැලසුමක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගේ මැදිහත්වීමෙන් වෙනස් කර තිබේ.

මේ ඒ ගැන රාජ්‍ය අමාතවරයා තබා තිබූ සටහනයි.

මම රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන යාන්තමින් දින දෙකක් ගෙවුණු තැන පුවත්පතක දැන්වීමක් දුටුවෙමි. මහජන බැංකුවේ වගකීමෙන් නිකුත් කර තිබූ එම ටෙන්ඩර් දැන්වීමෙන් ඉල්ලා සිටියේ දරුවන්ට ලබා දීමට ‘ප්ලාස්ටික් කැට ලක්ෂයක් (100,000) සපයන ලෙසයි.

එම දැන්වීම දුටු සැනින් මම මහජන බැංකුවේ සභාපතිතුමාට කතා කළෙමි. ප්ලාස්ටික් කැට වෙනුවට මැටි කැට ලබාගැනීමට කටයුතු කරන මෙන් කරුණාවෙන් ඉල්ලීමක් කළෙමි. එතුමා දරුවන් වෙනුවෙන් මාගේ ඉල්ලීම ඉටුකර තිබීම සතුටට කරුණකි. මහජන බැංකුව ප්ලාස්ටික් කැට වෙනුවට මැටි කැට ලබාගැනීමට ටෙන්ඩර් කැඳවා ඇත.

රටේ සිදුවන මෙම චින්තන වෙනසට මුල පිරීමට ලැබීම ගැන මම නිහතමානිව සතුටු වෙමි.