අමෙරිකාවෙන් පිටමං කළ 18 දෙනෙකු කටුනායකට එයි

September 19, 2020 at 10:55 AM
වලංගු වීසා කාළය ඉක්මවා අමෙරිකාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු එරටින් පිටුවහල් කොට තිබෙනවා. මෙම පිරිස ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම පිරිස අමෙරිකාවේ, වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා කෙන්යානු ගුවන් සේවයේ කේ.කිව්.- 228 දරන ගුවන් යානයෙන් ඊයේ දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ඒවා තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව මේ වනවිට නීරෝධායන කටයුතු සදහා යොමු කර ඇත.

දින 21 ක නිරෝදායන සීමාවෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් වෙත යොමු කිරිමට නියමිතය.