ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600යි. මුරලිගේ වාර්තාව පන්දු 6කින් අහිමිවෙයි.

August 25, 2020 at 10:12 PM

එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 ක් ලබාගත් පළමු වේග පන්දු යවන්නා බවට පත්වුවා.

38 හැවිරිදි ඇන්ඩර්සන් පාකිස්තානයට එරෙහි පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ පස්වන දිනයේදී අසාර් අලී ගේ කඩුල්ල දවා ගනිමින් මෙම සන්ධිස්ථානය පසුකර යෑමට සමත් වුවා.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවා ගත් පන්දු යවන්නන් ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවන ජේම්ස් ඇන්ඩර්සන්ට ඉහලින් දඟ පන්දු යවන්නන් වන මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝර්න් සහ අනිල් කුම්බ්ලේ පසුවනවා.

ටෙස්ට් කඩුලු 600 ක් දවා ගැනීමේ ලොව වේගවත්ම පන්දු යවන්නා වීමේ අවස්ථාව ජේම්ස් ඇන්ඩර්සන්ට අහිමි වුයේ ඔහු මුත්තයියා මුරලිදරන්ගේ පිහිටුවා තිබු වාර්තාවට පන්දු 06ක් වැඩියෙන් යොමු කොට තිබීම හේතුවෙන්ය.