ප්‍රකාශිත සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 70ක්

August 5, 2020 at 6:44 PM

09 වන පාර්ලිමේන්තුව සඳහ නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම අද සවස 5.00 ට අවසන් වුවා.

අද පැවති මහ මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ජන්ද ප්‍රතිශතය සීයයට 70ක් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

අද සවස 5.00 අවසන් වූ ජන්ද විමසීමේ දී දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය පහත පරිදි වෙයි:
ගාල්ල 70%
මාතලේ 72%
නුවරඑළිය 75%
රත්නපුර 71%
පුත්තලම 64%
මහනුවර 72%
පොළොන්නරුව 72%
හම්බන්තොට 76%
අනුරාධපුරය 70%
මාතර 71%
මඩකලපුව 76%
වන්නි 73%
කළුතර 70%
ත්‍රීකුණාමලය 73%
කොළඹ 67%
ගාල්ල 68%
මහනුවර 67%
අම්පාර 72.8%
යාපනය 57%-
කිළිනොච්චි 71.52%
මන්නාරම 79.49%
වව්නියාව 74%
මුලතිව් 76.25%
මඩකලපුව 76.15%