පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ 07 දෙනෙකුට කොරෝනා

June 23, 2020 at 7:13 PM

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය් වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි.

ඊයේ දිනයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඒ අනුව එංගලන්ත තරග සංචාරය සඳහා පුහුණු සැසියට කැඳවනු ලැබූ ක්‍රීඩකයින් 10 දෙනෙකුට සහ සහයක නිලධාරියෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම සංචිතය සඳහා එක්ව සිටි ක්‍රීඩකයින් සහ නිලධාරින් 35 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇත. වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ අනෙක් පිරිස යලිත් මෙම මස 25 සහ 26 යන දිනයන්හිදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරිමට නියමිතව ඇත.