මැතිවරණ ආසන්නයේ සර්කස් ආරම්භ වෙලා : මහින්දානන්දගේ චෝදනාවට මහේල ගෙන් පිළිතුරු

June 18, 2020 at 1:32 PM

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේලා ජයවර්ධන ප්‍රතිචාර දක්වනු ලැබුවා.

ට්විටර් සටහනක් තබමින් මහේල කියා සිටියේ මැතිවරණය ආසන්නයේ සර්කස් ආරම්භ වී ඇති බවක් පෙනෙයි. නම් සහ සාක්ෂි තිබේද ? යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්නයක් නගා තිබෙනවා.

පුද්ගලික රුපවාහිනි මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියේ 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමක් සිදුකළේද නැත.

” මම මේ සඳහා ක්‍රීඩකයින් ඈඳා ගන්නේ නැහැ, නමුත් ඇතැම් පාර්ශව මෙම තරග පාවා දීමට මුල්වෙලා කටයුතු කළා” යැයි හිටපු ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියා.