ක්‍රිකට් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

May 25, 2020 at 12:01 PM

මෙරට මුල්පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන 25 හැවිරිදි පුද්ගලයෙකු පසුගියදා පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පන්නල, හොරවඩුන්න ප්‍රදේශයේදී.

මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සතුව හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සතුව තිබු බවයි පොලිසිය පැවසුවේ.

මෙම හිටපු ක්‍රීඩකයා කලක පටන් හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු සමග සිටි තවත් පුද්ගලයෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 800 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවයි පන්නල පොලිසිය පැවසුවේ.