රනිල් එංගලන්ත ජාත්‍යන්තර අමාත්‍යංශයේ සහකාර අමාත්‍යවරයෙකු ලෙස පත්කරයි

May 7, 2020 at 1:11 AM

ශ්‍රීලාංකික සම්භවයක් සහිත පවුලක සාමාජිකයෙකු වන බ්‍රිතාන්‍යයේ ඊසාන දිග හම්ප්ශයර් ප්‍රාන්ත මන්ත්‍රී රනිල් ජයවර්ධන එරට ජාත්‍යන්තර වෙලඳ අමාත්‍යංශයේ අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් ඔහුට මෙම පත්වීම ලබා දී ඇත්තේ ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදිය.

ඒ අනුව ඔහු එරට ජාත්‍යන්තර වෙළඳ ලේකම් යටතේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.

කන්සවේටිව් පක්ෂය නියෝජනය කරන රනිල් උපත ලබා ඇත්තේ 1983 වසරේ ලන්ඩනයේ වුවත් ඔහුගේ පියා වන නලින් ජයවර්ධන ශ්‍රී ලාංකිකයෙක් ලෙස ජීවත් වී ලන්ඩනයේ පදිංචියට ගිය පුද්ගලයෙකි.