කොවිඩ් සටනට ලොව ප්‍රකට ස්ථාන එක් වූ හැටි

April 24, 2020 at 2:06 PM

කොවිඩ්19 වෛරසය ලොව පුරා පැතිරීමත් සමග ලෝකය ඊට දැක්වූ අවධානය ඉතිහාසයේ අන් කිසිදු අවස්ථාවක දකින්නට නොතිබූ තරම්!
ඒ සටන වෙනුවෙන් ලොව පුරා රටවල් තමන් සතු උරුමයන් යොදාගනිමින් සහයෝගය පළකළා.
මේ අපේ රට දකුණු ආසියාවේ උසම ඉදිකිරීම වන නෙළුම් කුළුණ ඒ වෙනුවෙන් ආලෝකවත් කළ ආකාරය.එමෙන්ම ප්‍රංශයේ අයිෆල් කුළුණත් කොවිඩ්19 සටනේ විරුවන්ට සිය ප්‍රණාමයත් රෝගීවූ සැම වෙත කරුණාවත් මෙලෙස පළ කළා.
ඊජීප්තු පිරමිඩ මෙලෙස වර්ණවත් කෙරුණේද කොවිඩ්19 සටන් පෙරමුණේ අය වෙනුවෙන්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ලොව උසම ඉදිකිරීම වන බර්ජ් කලීෆා  ගොඩනැගිල්ල කොවිඩ්19 සටන  වෙනුවෙන් සිය සහය පළ කලා .


මේ ස්විට්සර්ලන්තයේ මැටහෝන් කන්ද.
බර්ජ් කලීෆා කුළුණ ස්විට්සර්ලන්තයේ ජාතික ධජය සටහන් කරද්දී මැටහෝන් කන්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය සනිටුහන් කෙරුණා.
තවත් රටවල් ගණනාවක ධජයන් මෙලෙස මැටහෝන් කන්දේ සටහන් වුණා