English Translation : http://www.newswire.lk/2020/04/21/8809-easterterror/
අප්‍රේල් 21 වන දින උදෑසන 8.27
“ගරු කටයුතු මහත්මයාණෙනි, සුභ උදෑසනක්. ඔවුන් අද දින පැය 0600 සිට 1000 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.”
ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් අදින් වසරකට පෙර එල්ල කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා අහිමිවූ අහිංසක මිනිස් ජිවිත ගණන 269කි. ඉන් තුවාල ලැබූ ප්‍රමාණය 500කට වැඩි පිරිසක්.
ජාතික තව්හීඩ් ජමාත් අන්තවාදී මුස්ලිම් සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තා මෙම ප්‍රහාර මෙහෙයවූ කණ්ඩායමේ නායකයා ලෙස පොලිසිය විසින් නම් කරනු ලැබුණි. ඔහු කලක පටන් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදී කටයුතු වල නියැලී සිටි පොලීසියට අත්අඩංගුවට ගැනීමට වසර කිහිපයක සිටම අත්‍යවශ්‍යව සිටි පුද්ගලයෙකි.
මෙම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිකුත් කල වාර්තාව අනුව රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු, ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කර තිබුණි.
පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවට අනුව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව ලැබී තිබෙන බුද්ධි තොරතුරු මෙසේය:
- අප්‍රේල් මස 4 වැනිදා පළමු තොරතුර
2019 අප්‍රේල් 4 වැනිදා සිය මූලාශ්‍රයකින් WhatsApp හරහා ප්‍රහාරය පිළිබඳව මුල් බුද්ධි තොරතුර ලද බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට හෙළිකරයි. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වැනි දින ඔහුට ලිඛිතව ලැබී තිබේ. (මෙම තොරතුරැ ලැබුණු මුලාශ්‍රය ඔහු කාරක සභාවට හෙළිකර නොමැත).
- අප්‍රේල් මස 7 වැනිදා පළමු දැනුම්දීම
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා තමන්ට ලැබුණ තොරතුර දැනුම් දුන් පළමු පුද්ගලයා වන්නේ ජාතික බුද්ධි ප්‍රධානී ( National Intelligence Chief) සිසිර මෙන්ඩිස්ය.
- අප්‍රේල් මස 8 වැනිදා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීම
තමන්ට ලැබුණු තොරතුර ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අප්‍රේල් 8 වැනිදා සවස ලබාදී තිබේ. එහිදී මේ පිළිබඳව පොලීසියට දැනුම්දෙන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව ඔහු පවසයි.
- අප්‍රේල් 9 බුද්ධි තොරතුරැ සම්බන් ධී කරණ රැස්වීමක්
ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එදින සාකච්ඡාවට සහභාගි වී තිබෙන අතර එහිදී මෙම ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු විශේෂ අවධානයක් යොමු කර නැතැයි අනාවරණය වන බව කාරක සභා වාර්තාව පෙන්වාදෙයි. එහිදී තමා සහ ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා අතරවූ කතාබහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පාර්ලිමේන්තු කාරක සභාවට සාක්ෂි දෙමින් මෙසේ හෙළිකර තිබුණි.
“සර්, ඕක තාම සර් ළඟද ? ඕක ලෙඩක්. ඇයි ඕක තියා ගත්තේ ? තාම මුකුත් කරේ නැද්ද? ඕක කියන්න”. “නැහැ, මම Secretaryට කිව්වා” කියලා ඔහු කිව්වා. ඊට පස්සේ සාකච්ඡාවේදී ඔහු කිව්වා “සර්ල, නිලන්තගේ” කියලා. එතකොට ලේකම්තුමා ඇහුව , “නිලන්ත, මොකද වෙන්නේ කියලා?” මම කිව්වා මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පොලිස්පතිට සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අද යවනවා කියලා”.
ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට හැර කිසිදු අවස්ථාවක රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා මෙම ප්‍රහාරයේ බරපතල ස්වභාවය ගැන කිසිවෙකුත් දැනුවත් නොකළ බව පාර්ලිමේන්තු කාරක සභාවේ නිරීක්ෂණය වී තිබේ. අප්‍රේල් 9 පැවති මෙම සාකච්ඡාවේදී ඔහු ඔහුට ලැබී තිබුණු මෙම බුද්ධි තොරතුරැ ගැන නිශ්ශබ්දව සිට ඇතැයි යන්න සිය නිරීක්ෂණය බව වාර්තාව සඳහන් කරයි.
- අප්‍රේල් 9 වැනි දින සවස පොලිස්පතිට ලිඛිතව දන්වයි
ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයෝ ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට නියමිත බව විස්තර කරමින් “අතිශය රහසිගතයි” යනුවෙන් සලකුණු කරන ලද ලිපියක් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් පොලිස්පති පුජිත් ජයසුන්දර වෙත යවනු ලබන්නේ මෙදිය. මරාගෙන මැරෙන ප්‍රහාරවල සාමාජිකයන් විය හැකි තැනැත්තන් ලෙස සහරාන් හෂීම්, ජා අල් කුයිල්, රිල්වාන්, සාජි මෞලවි, ෂාහිර්, මිල්හාන් ඇතුළු පිරිසකගේ නම්ද එම ලිපියේ සඳහන් කර තිබේ. එදිනම මෙම ලිපියේ සටහනක් යොදා පොලිස්පතිවරයා විසින් එය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට යවනු ලැබ තිබේ.
- අප්‍රේල් 10 වැනි දින සහරාන් අත්අඩංගුවට ගන්න උපදෙස්
අප්‍රේල් 10 වැනිදා තමන්ට මෙම තොරතුරු ලැබුණු බවත් සහරාන් සහ අනෙකුත් අය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දුන් බවත් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසා තිබේ. එදිනම සහරාන්ගේ ෆේස්බුක් පිටුව අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.
- අප්‍රේල් 14,15,16 සහරාන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්
මෙම තෙදින තුළ සහරාන් හෂීම් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ප්‍රදේශ ගණනක මෙහයුම් සිදු කොට තිබේ.
- අප්‍රේල් 15 වැනි දින සහාරන්ගේ ෆේස්බුක් අඩවිය අවහිර කරයි.
- අප්‍රේල් 17 වැනි දින කාතාන්කුඩි ප්‍රදේශයේ ඊට පෙර 16 දින සිදුවූ පිපිරීමක් ගැන රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු
- අප්‍රේල් 18 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා කාතාන්කුඩි ප්‍රදේශයේ එම පිපිරීම සහරාන් හෂීම් විසින් සිදුකරන ලද බවටත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවයි.
- අප්‍රේල් 19 වැනි දින රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙම සිදුවීම ගැන ප්‍රථම වරට හමුදා බුද්ධි අංශ දැනුවත් කරයි.