විදුලි බල මණ්ඩලය ගැන වාර්තාව මේ මස අවසානයේදී කැබිනට් මණ්ඩලයට

September 5, 2022 at 8:44 AM

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනා සැප්තැම්බර් මස අවසන් වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා සහ වැඩපිළිවලක් ලබා දීමට පත් කරන ලළ කමිටුවේ සාමාජිකයන් සමග ඊයේ උදෑසන හමුවක් පැවත්වා ඇත.

එම කමිටුව මේ වන විට විවිධ සංවර්ධන ආයතන නියෝජිතයන්, දේශීය සහ විදේශීය විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාර්ශවකරුවන් සමග සාකච්ඡා සිදු කර ඇති අතර මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මහජන උපයෝගිතා කොමිසම සමග එළඹෙන සතියේ සාකච්ඡා කිරීමට නියමිත බව විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් දැක්වේ.