රන්ජන් නිදහස ලබා පිටව යයි

August 26, 2022 at 2:55 PM

ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මිට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.

ඔහු නිදහස්වී බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී එම ස්ථානයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය මනුෂ නානායක්කාර ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් පැමිණ සිටියා.

බන්ධනාගාරයෙන් පිටතට පැමිණි රංජන් රාමනායක කියා සිටියේ තමාව නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරනු ලැබූ සියලු දෙනාට සිය හෘදයාංගම ස්තුතිය පුදකරන බවයි.