ත්‍රීරෝද රථ ගාස්තු මීටරය වැඩිකරයි : පලමු කිලෝමීටරය 120ක් වෙයි

August 18, 2022 at 10:57 AM

මේ වන විට කුලී ත්‍රීරෝද ගාස්තු පාලනයකින් තොරව ඉහළ ගොස් තිබෙන අතර් ඒ අනුව ගාස්තු මීටරය පලමු කිලෝමීටරය රුපියල් 120 දක්වාත් දෙවන කිලෝමීටරය 100 දක්වාත් වැඩිකර තිබෙන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර අද  මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

මේ වන විට කර්මාන්තය පවත්වාගෙන යාමට මෙන්ම පාරිභෝගික ජනතාවටද දැඩි බලපෑමක් එල්ල කර තිබෙන නිසා ජාතික ගමන ගමන කොමිසම තවදුරටත් ඉබි ගමනින් නොයා වහාම මැදිහත්වී එය පාලනයකට ගෙන ආ යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර වැඩි දුරටත් පැවසුවේ.

මේ වන විට ඇප් මඟින් රැකියාව සිදුකරන ත්‍රී රෝද රථ රියදුරන් මෙන්ම ඇප් හෝ මීටර ගාස්තු නොමැතිව ධාවනය කරන ත්‍රිරෝද  රථ ඔවුන්ට අවශ්‍ය පරිදි ගාස්තුව වැඩි කර තිබෙන බවත් පළමු කිලෝමීටරයට රු. 250ක වැනි මුදලක් අය කරමින් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් කුලී ත්‍රීරෝද රථ ගාස්තුවද සංශෝධනය කිරීමට සිදු වූ අතර එහිදී පළමු කිලෝ මීටරයට රු. 100ක් සහ දෙවන කිලෝමීටරයට රු 90 ක මුදලක් අය කිරීමට එකඟතාවක් ඇති කර ගත් නමුත් මීටර ගාස්තු අය කරන ත්‍රී රෝද රථ වලද එය පළමු කිලෝමීටරයට රු. 120ක් සහ දෙවන කිලෝමීටරයට රු 100ක් ලෙස ගාස්තුව වැඩි කරගෙන තිබෙන හෙයින් කුලී ත්‍රී රෝද රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට පෙර ගාස්තු විමසන ලෙස ඔහු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.