සල්මන් රුෂ්ඩි ලේඛකයාට ඇසක් අහිමි වෙයි. ප්‍රහාරයෙන් පසු ශ්වසනාධාරාක යන්ත්‍රයකට

August 13, 2022 at 5:45 AM

ඇමෙරිකාවේ නිව්‍ යෝර්ක් හිදී පිහි ප්‍රහාරයකට ලක්වූ ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි ගේ එක් ඇසක පෙනීම අහිමි වී ඇතැයි රෝහල් ආර්ංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔහුගේ එක් අතක ස්නායු පද්ධතිය ට ද හානි වී ඇති අතර ,අක්මාවටද පිහි ප්‍රහාරය නිසා බලපෑම් ඇතිවී තිබේ.
මේ වන විට රුෂ්ඩි ශ්වසනාධාරාක යන්ත්‍රයක් මගින් හුස්මගන්නා බවද වාර්තා වේ.

නිව්‍ යෝර්ක් හි දේශනයකට සූදානම් වෙමින් සිටියදී රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක් වුණේ ඊයේ රාත්‍රියේ යි.

සාතන්ගේ කවි නම් නවකතාව රචනා කිරීමත් සමග අන්තවාදීන්ගේ වෛරය ට භාජනය වූ රුෂ්ඩි ඉන්දියාවේ උපන් ලේඛකයෙකි.

පසුව ඔහු ඇමෙරිකාවේ ඉතා අප්‍රසිද්ධ ජීවිතයක් ගතකලේය.
දැන් ඔහුගේ වයස අවුරුදු 74කි.