වෙන්වීමේ සතුට!

August 2, 2022 at 6:22 PM

වසර හතරක් පුරා හිසෙන් බද්ධ වී සිටි බ්‍රසීලයේ දරුවන් දෙදෙනකු අසීරු සැත්කමකින් වෙන් කිරීමට වෛද්‍යවරුන් සමත් විය.

ආතර් සහ බර්නාඩෝ 2018 වසරේ උපතලැබුවේ බද්ධ දරුවන් වශයෙනි.

සැත්කම් නවයකින් යුත් මෙහෙයුමක අවසානයේ එම දරුවන් දෙදෙනා සාර්ථකව වෙන් කිරීමට වෛද්‍යවරුන් අද සමත් විය.

ඒ සඳහා පැය 27ක සැත්කමක් ද සියයකට අධික සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයක සහභාගීත්වයෙන් සිදුකෙරිණ.