ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි

August 1, 2022 at 8:21 AM

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක්.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් 22 වනදා ඉන්දියාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 27 වනදා ඔහු රෝහල්ගතව තිබුණා. එහිදී සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඔහු මන්කි පොක්ස් ආසාදිතයෙකු බවයි.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවලදී අනාවරණ වී ඇත්තේ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ඉකුත් 19 වනදා සිදුකළ පරීක්‍ෂණයකදී ද මන්කි පොක්ස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.