පාස්කු ප්‍රහාරය ගැන වැඩබලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

July 18, 2022 at 3:57 PM

පාස්කු ඉරිදා බෝම්බය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳාලීම තම බලාපොරොත්තුව බවත්, ඒ සඳහා සියලු දෙනා එකඟ වන්නේ නම් බ්‍රිතාන්‍යය පොලිසියේ සහය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ෂණ කොමිසමේ වාර්තාවන් මෙන්ම ඇති වෙනත් වාර්තාවන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ.

විදේශ විමර්ශකයින්ගේ සහය මෙන්ම මෙම ප්‍රහාරය ගැන විමර්ෂණය කළ මෙරට විමර්ශකයින්ගේ සහයද එයට ලබා ගනිමින් තවත් කල් නොයවා මෙම ගැටලුව විසඳාලීය යුතු බවද වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම අද වන විට රටේ නීතිය කැඩීමේ ව්‍යාපාරයක් පවතින බවත්, අපට ඇත්තේ එයට විරුද්ධව රටේ නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු බවයි වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියා

පැසිස්ට් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැතිකරන්න ඉඩ නොදෙන බවත් සාමකාමී අරගලයට තමන් සැමවිටම පිළිගන්නා බවද වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියා.