අරගලකරුවන් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවක් – කාලවකවානු නොව ඉලක්ක සහිත අන්තර්කාලීන ආණ්ඩුවකට එකඟ බව කියයි.

July 18, 2022 at 1:14 PM

අන්තර්කාලීන ආණ්ඩුවකදී එකඟවිය යුත්තේ කාලවකවානු නොව ඉලක්ක සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ගාලුමුවදොර අරගල කරුවන් පිරිසක් හමුවෙමින් සඳහන් කළේය.

මෙහිදී අරගලකරුවන් පෙන්වා දුන්නේ සිය ක්‍රියාකාරී සැලසුමට බාධාවක් නොවන අපේක්ෂාවන් වෙනුවෙන් පියවර ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන වගකීමක් බවයි.