ජොන්ස්ටන් ගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

June 21, 2022 at 11:33 AM

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉකුත් මැයි මස 09 වෙනිදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් තමන්ව සැකකරුවෙකු ලෙස නම් කොට අත්අඩංගුවට ගැනීමට ගැනීමේ සුදානමක් පවතින බැවින් එය වැළැක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් ජුනි මස 09 වෙනිදා නියෝග කරනු ලැබුවා.