වී සහ සහල් තොග රැස් කරගත් අයට විකල්පයක්

June 20, 2022 at 5:29 PM

ඉදිරි මාසතුනක කාලය තුළ උතුරු නැගෙනහිර යලකන්නයේ වී අස්වනු අඛණ්ඩව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒඅනුව දෛනිකව රුපියල් පහකින් පමණ වී මිලේ පහල යාමක් ද පෙන්නුම් කරන බව ඔහු කියාසිටී.

අනවශ්‍ය ලෙස වී සහ සහල් තොග රැස්කරගැනීම සම්බන්ධයෙන් අදහස් පලකල අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාස දෙකතුන තුළ ඒවා ආහාරයට ගෙන අවසන් කරන ලෙසයි .

” වී සහ සහල් වල දින පලකර තිබුණාට ඒවා ඉක්මණින් නරක් වෙන්න පුලුවන්. අනවශ්‍ය විදියට තොග රැස් කිරීමෙන් වෙන්නෙ තමන්ටත් නෑ.රටටත් නෑ.

ඒකෙන් අන්තිමේදි වුණේ මිල ඉහලයාම පමණයි ”