ඉන්ධන හා ප්‍රවාහන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය හෙට

June 17, 2022 at 8:48 PM

පවතින ඉන්ධන හා ප්‍රවාහන ගැටලු හමුවේ ඉදිරිසති  කීපය තුළ පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් හෙට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් හෙට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සමග සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේ ය.

පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා සීමා කිරීම පිලිබඳව චක්‍රලේඛය අද නිකුත් කෙරිණ.